Saturday, December 12, 2015

දයාබර පියතුමනි...

උපන් මොහොතෙම ''යනු ''යනු ඉගෙන
''යනු ''යනු ඉගෙන ගන්නට
නුඹේ දෝතට වැඩිය මට
අකුරු සිල්පය ලැබුණි මොනවට
ආදරේ අකුරු පොත...

නපුරු වූ ලෝකයක - විෂම වූ සමාජෙක
උණුහුමට පණ පොවා - සෙනෙහසින් හිස අතගගා
නොවැටෙන්න පය පැකිල - සුරැකි ලෙස සුරතින් රැගෙන
පියනඟන්නට ඇත - ලෝකයක් සොයා මට

දැන් එළඹ ඇත කාලය…
මගේ වූ ලෝකයක් ගොඩනගන්නට - නිම්වලලු සොයායන්නට
මග නොවැරදී පය නොපැකිලී - ලෝකයක් දිනන්නට

දයාබර පියතුමනි,
 නුඹෙ දිරිය මට දෙන්න - ලෝකයක් දිනන්නට
ඉවසන්න මට කියාදෙන්න - ලෝකයම එරෙහි වූ විටෙක
නැගිටින්න නොබියව - අයුක්තිය දුටු විටෙක
කරුණාව මෛත්‍රිය - අසරණව වැලපෙන අයට
එවිට...
ගුණයහපත් දරුවෙක් ලොවට දුන්නාට
නුඹේ නම ලියවෙනු ඇත - මානව වංශ කතාවක
පත් ඉරුවක - රන් අකුරින්...