සිරිපොද වැටෙන්නේ කුමට;
මල් නොපිපෙනා කලට...
හිරු හිනාවෙන්නේ කුමට;
නියං සම ආ කලට...
මල් පිපෙන්නේ කුමට;
බඹරුන් නොමවූ කලට...
මං හිඳින්නේ කුමට;
නො එන බව දැන දැනම...
ගඟ ගලන්නේ කුමට;
සයුර හමුනොවනා කලට...
සඳු නැඟෙන්නේ කුමට;
රිවිඳු හමුනොවනා කලට...
කඳුළු මුතු සැලෙන්නේ කුමට;
ගැලූ ගඟ වියැලී නැති කලට...
මං හිඳින්නේ කුමට;
නුඹ නැවත නො එනා කලට...
රිදී ගෙත්තම
නීල ගගනත රිදී හුයෙන් කල ගෙත්තම...
Saturday, December 23, 2017
Thursday, June 29, 2017
මාළිගාව...
කවුද ඒ...???
මාළිගාව හදන්න බැරිවුණු හිත ගිය තැනක්...
එයා මාළිගාවක් හදලද...???
ඔව්; වෙනතැනක...
ඔයා...???
තාම තැනක් හොයනවා...
Wednesday, May 10, 2017
Saturday, May 6, 2017
හදවත අගුළු දමා ඇත...
ඉල්ලන්නෙපා ගොඩක් ඉඩ ජීවිතෙන්,
දෙන්න බැරිවෙයි මට ආදරෙන්...
මට තියෙනවා පුරුද්දක් නරක,
වැරදි අයටත් ජීවිතේ බෙදලදෙන...
නුඹ වැරදි නෑ දන්නවා මම...
ඒත් මට බයයි මං ගැනම...
වෙන්වෙලා යමු අපි දෙපැත්තට,
මේ ආදරේ තුරුළු කරගෙන හදවතට...
Wednesday, March 29, 2017
Tuesday, January 31, 2017
ලෝභකමට සිනාසෙමි...
මම සිනා වන්නේ වෙමි.
මම සිනා නොවන්නේ වෙමි.
මම සිනා වන්නේද නොවන්නේද වෙමි.
මම සිනා වන්නේද නොවන්නේද නොවෙමි.....
කෙටියෙන් කීවොත් ලෙහෙසියට සිනා නොවෙමි.
ඔබ මා හා සිනාසෙනු ඇත. ඔබ දන්නා බව මමද දන්නේ නම් මා නොපැකිළ සිනාසෙමි. නොමසුරුව, නොපැකිලව දයාබර සිනා රැල්ළකින් මුව සරසා ඔබ හා සිනාසෙමි. එවිට ඔබද පුදුමයට පත්වනු ඇත. මේ තරම් සිනාවක්, මේ තරම් පිළිගැනීමක්, මේ තරම් දයාර්ද්‍ර භවක් ඔබ වෙත පිදෙන්නේ ඇයි දැයි ඔබ විපිළිසර වනු ඇත. එහෙත් ඔබ නොදන්නා දෙයක් ඇත. ඔබ හා සිනාසීමට මට හේතු කාරණා උවමනා නැත. ඔබ මාගේ කවුද හෝ මා ඔබගේ කවුද යැයි කිසිදා නොවිමසමි. එකම එක දෙයක් පමණක්ම සළකා බලමි. ඔබ වෙත විස්වාසය තැබිය හැකිදැයි මා සිතා බලමි. අවැසි මොහොතක ඔබ මා වෙත රැඳෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. ඉඳහිට හෝ නැවත නැවතත් පළුදු වූවත් මේ විස්වාසය මා වෙත සදා රැඳෙනු ඇත. නැවත නැවතද මා විස්වාස කරනු ඇත. එහෙයින් එපමණකින්ම සැනසී නොමසුරුව ඔබ හා සිනාසෙමි.
එහෙත් ඔබ නොදන්නා බව මා දන්නේ නම් ඔබ හා සිනාසීමට මම තත්පර වෙමි. එක්වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම සිතා බලමි. ඔබ නොදන්නා බැවින් ඔබ සිනාසෙන්නේ කුමන අරමුණකින්ද කියාත් නොදන්නා බැවින් එක වර සිනා නොවෙමි. ඔබේ සිනාව අරුත් වශයෙන් කිරා මැන බැලීමට මට සිදුවනු ඇත. අවසන ඔබේ සිනාවේ අරුත පැහැදිලි වූවිට මමද පෙරළා සිනාසෙමි. එහෙත්, ඒ ඔබේ සිනාව දයාර්ද්‍ර වූ මිනිස්බව වෙනුවෙන් නිරායාසයෙන් මුව මත නැඟෙන්නේ නම් පමණි. නොහොත් ඔබ මා අවමානයට පත් කරණු වස් හෝ වෙනත් අරමුණක් උදෙසා හෝ මා හා සිනාසෙන්නේ නම් මා කිසිසේත්ම සිනා නොවෙමි. මඳ සිනා පොදකුදු පහළ නොකරමි. එම මොහොතට පමණක් හෝ ආඩම්බරකාර ගැහැණු ළමයෙක් වෙමි. ඔබ සිනාසුනු බව නොදුටුවා සේ ඉවත බලා යමි. එවිට ඔබත් මාත් අතර ගොඩනැඟෙන්නා වූ පවුර විසින් අප ඈත් කරනු ඇත. තවදුරටත් ඔබ මා වෙත අවමන් සහගත සිනා පහළ නොකරනු ඇත.
එහෙයින් මම ඔබට කියමි. මම සිනාව අවියක් කොට තෝරාගතිමි. අවැසි විටක සියළු දැනහඳුනුම්කම්, හිත මිතුරුකම් කප්පාදු කල හැකි මුවහත් පිහියක් බවට පත් කර ගතිමි. විටෙක මී බිඳු වෑහෙන මදු කුසලානයක් මෙන්ද තවත් විටෙක හළාහල විෂ ඇති විෂ බඳුනක් බවටද පත් කර ගතිමි. දන්නා මෙන්ම නොදන්නා අය වෙනුවෙන්ද මෙය මෙසේම වනු ඇත.
එහෙයින්, කෙටියෙන්ම කීවොත් මම සිනාවන්නේද නොවන්නේද නොවෙමි.
හෙවත් ලෝභකමට සිනාසෙමි...

Subscribe to:
Posts (Atom)