පැණි රසට සීනි තවරපු
තිත්ත බෙහෙතක් ඔබ…
සීනි බෝල යැයි සිතා
අහම්බෙන්, වැරදිලා ගිලපු
පුංචි දැරියක් මම…
අහම්බෙන්, වැරදිලා ගිලපු
පුංචි දැරියක් මම…
එකම එක මොහොතකට
පැණි රසට දැනුනාට
තිත්තම තිත්ත බව දැනුනාම
කඳුළු නවතාගත්තෙ
හරි අමාරුවෙන්…
පැණි රසට දැනුනාට
තිත්තම තිත්ත බව දැනුනාම
කඳුළු නවතාගත්තෙ
හරි අමාරුවෙන්…
ආදරෙයි මං තවම
ඒත්, නපුරුකම් පැත්තකට කර
තව පොඩ්ඩක් වැඩිපුර
දෙනවාද මට ඔබේ ඔය ආදරය…
