පාට පාට පිහාටු, සැහැල්ලු සමණළ තටු,
පොත් පිටු අතරේ පරිස්සමට එකතු කරපු
දඟකාර හිරිමල් සමණළ යුගයකදි,
ජීවිතය,
වැටෙන ඕනෑම තැනක මුල් අදිනු ඇතැයි සිතුවෙමි...
සමණළ තටුවක් තරමටම ලස්සන යැයි සිතුවෙමි...
පිහාටුවක් තරමටම සැහැල්ලු යැයි සිතුවෙමි...
එහෙත් අද,
ජීවිතෙන් හරි අඩක් ගෙවුනු සඳ,
එය එසේ නොවේ යැයි හැඳින්නෙමි...
Tuesday, May 27, 2014
අවබෝධය...
Labels:
Enlightenment,
Life
Location:
Colombo, Sri Lanka
Saturday, May 24, 2014
ජීවිතය...
විටෙක සිනහව ගෙනෙන
නෙතු අගට මුතු කඳුළු අමුණන
ජීවිතය දිගු ගමනකි
කිසිදිනෙක නිම නොවේ යැයි සිතෙන...
ලොව පුරා මල් පිපෙනවා
සුවඳ දී පරවෙලා යනවා
ජීවිතෙත් හරියටම ඒ වගේ
සුවඳ දී පරවෙලා යනවා...
නෙතු අගට මුතු කඳුළු අමුණන
ජීවිතය දිගු ගමනකි
කිසිදිනෙක නිම නොවේ යැයි සිතෙන...
ලොව පුරා මල් පිපෙනවා
සුවඳ දී පරවෙලා යනවා
ජීවිතෙත් හරියටම ඒ වගේ
සුවඳ දී පරවෙලා යනවා...

Subscribe to:
Posts (Atom)