උපන්
මොහොතෙම 'අ'යනු 'ආ'යනු ඉගෙන
'ඇ'යනු 'ඈ'යනු ඉගෙන ගන්නට
නුඹේ දෝතට
වැඩිය මට
අකුරු සිල්පය
ලැබුණි මොනවට
ආදරේ අකුරු
පොත...
නපුරු
වූ ලෝකයක - විෂම වූ සමාජෙක
උණුහුමට
පණ පොවා - සෙනෙහසින් හිස අතගගා
නොවැටෙන්න
පය පැකිල - සුරැකි ලෙස සුරතින් රැගෙන
පියනඟන්නට
ඇත - ලෝකයක් සොයා මට
දැන් එළඹ
ඇත කාලය…
මගේම වූ ලෝකයක් ගොඩනගන්නට - නිම්වලලු සොයායන්නට
මග නොවැරදී
පය නොපැකිලී - ලෝකයක් දිනන්නට
දයාබර පියතුමනි,
නුඹෙ දිරිය මට දෙන්න - ලෝකයක් දිනන්නට
ඉවසන්න
මට කියාදෙන්න - ලෝකයම එරෙහි වූ විටෙක
නැගිටින්න
නොබියව - අයුක්තිය දුටු විටෙක
කරුණාව
මෛත්රිය - අසරණව වැලපෙන අයට
එවිට...
ගුණයහපත්
දරුවෙක් ලොවට දුන්නාට
නුඹේ නම
ලියවෙනු ඇත - මානව වංශ කතාවක
පත් ඉරුවක
- රන් අකුරින්...