Thursday, December 15, 2016

කියාදෙන්න මට...



ඔය තරම් මුදු මොළොක් හිතක්,
හැංඟුවේ කොහොමද...
මේ තරම් හැඩි දැඩි පිරිමිකමක් ඇතුළේ...

මේ තරම්ළු පරළු හදවතක්,
හංඟපු විදියටමයි...
ඔය තරම් සියුමැලි ගැහැණුකමක් ඇතුළේ...

රළු පරළු;

ආදරේ නැති නිසා නෙවෙයි, 
අහිමි වෙයි කියා බය නිසයි...
 

මුදු මොළොක්;
හැඩි දැඩි නැති නිසා නෙවෙයි,
හිත රිදෙයි කියා බය නිසයි...



Tuesday, November 15, 2016

රුහුණු කුමාරි...

අළුත් අය එන්න ඇති;
හුඟක් රැස් පෙන්නන්න ඇති...
කිසිම දේකට සැලෙන්නැති,
නුඹ තාම එහෙමම ඇති...

පැය දෙකයි Highway එකේ;
පැය හයයි ගාළු පාරේ...
පැය පහයි A/C එකේ;
පැය තුනයි ගියෝතින් රුහුණේ...

කාසි මහ ගොඩක් ඕනෙ නැති,
මහන්සිය දැනෙන් නැති,
කෝච්චියෙ ගිහින් නැති,
කෙනෙක් කිසිදා දන්නෙ නැති...

Thursday, September 29, 2016

රන් කරල්...

මං හිටියෙ ඇවිදින්න ඔබ එක්ක ජීවිතේ;
අතහැරියෙ නුඹ තමයි මම නොවේ...
සිනාසෙන විට වල ගැහෙන කම්මුලේ;
කුළුදුල්ම හාද්දයි මං පැළකලේ...

නොකියාම යද්දි නුඹ ජීවිතෙන්;
හිතුනේම නෑ නවතන්න ආදරෙන්...
වැටුනොතින් කවදහරි උන් තැනින්;
නොනැවතී එන්න මා සොයන්...

අපිට අපි අයිති නැතුවැති මේ ජීවිතේ;
නුඹ නැතිව තනියෙන්ම ඇවිද යමි මාවතේ...
අළුත් බිජුවට වැපුරුවම ජීවිත කෙතේ;
රන් කරල් පිබිදේවි මගෙ පාළු හදවතේ...



Image result for shadow couple

Wednesday, September 14, 2016

මහ ගහ




යූත් එක ඉස්සරහ, මහ ගහකි අතුපතර ඇති;
ඒ ගහේ හෙවණ යට ඔබත් නැවතිලා ඇති...
වරක් දෙවතාවක් මාත් නවතින්න ඇති;
අද ගිහින් බැලුවොතින්, ඒ ගහත් නැතුව ඇති...

Image result for maharagama youth

Monday, August 29, 2016

එකෝමත් එක දුව

මේ සටහන තියන්නෙ නම පිළිබඳ පටළැවිල්ලක් ඇතිවෙච්ච දවසක...

එකෝමත් එක කාලෙක, එකෝමත් එක රටක, එකෝමත් එක බදාදා දවසක, එකෝමත් එක පවුලක අම්ම කෙනෙකුට දුවෙක් ඉපදුනා. කුළුඳුලේම ඉපදුනු දූ සිඟිත්ත හින්දා අම්මයි තාත්තයි මේ දුවට හුඟක් ආදරේ වුනා. ඉතින් මේ එකෝමත් එක
දුව එයාගෙ අත්තම්මගේ ගෙදර තමයි එයාගෙ ජීවිතේ පළවෙනිම දවස් ටික ගතකලේ. අත්තම්ම කිව්වෙ එකෝමත් එක දුවගෙ අම්මගෙ අම්මට. ඉස්පිරිතාලෙ ඉඳන් ආව විතරයි, මේ එකොමත් එක දුවට ලොකු අම්මලයි, පුංචිලයි, මාමලයි ගොඩාක් ආදරේ වුනා. අත්තම්මගෙ ආදරේ රෑට නැළවිලි ගීත වෙලා දුවව නැළවිල්ලේ නිදි කලා.

ඉතින් මේ එකෝමත් එක දුවට නමක් දාන භාරදූර රාජකාරිය දූගේ තාත්ත භාරගත්තා. මුළු රටේම තැන තැන රාජකාරි කරපු
දුවගේ තාත්තා දුවට නමක් හොයන්න හුඟක් මහන්සි වුනා. ඒ වුනාට එකෝමත් එක තාත්තා නමක් හොයාගෙන එනකොට අත්තම්මගෙ ගෙදර හිටපු ලොකු අම්මල, පුංචිල, මාමල දුවගෙ අම්මත් එක්ක එකතුවෙලා දුවට "සුදු නෝනා" කියලා නම තියලා. එකෝමත් එක අම්මයි එකෝමත් එක තාත්තයි සුදුම සුදුයි. එකෝමත් එක දුව විතරක් තල එළලුයි. ඒත් ඉතින් ගෙදර හැමෝමයි, දුවගේ අම්මයි, තාත්තයි අනිත් නෑදෑයො හැමෝමයි එකෝමත් එක තල එළලු දුවට එදා ඉඳන් සුදු නෝනා කියන්න පටන් ගත්තා. හුඟක් කල් ගිහින් එකෝමත් එක දුව ලොකුම ලොකු වුනාට පස්සෙ තමයි දුව දැනගත්තෙ සුදු කියන්නෙ සුදු හින්දම නෙවෙයි ආදරේට කියලා.

ඉපදුනාම උප්පැන්න සහතිකයක් තියෙන්න ඕනි නිසා දුවගේ තාත්තා උප්පැන්න ලියාපදිංචි කරන කන්තෝරුවට ගියා. දුවගේ තාත්තා හැමතැනම හොයල, හැමෝගෙන්ම අහල තෝරල තෝරලා දාපු නම උප්පැන්න සහතිකේට දැම්ම.

එකෝමත් එක
දුව ටික ටික ලොකු වුනා. එකෝමත් එක දුවට දැන් මල්ලියෙකුත් ඉන්නවා. එකෝමත් එක දුව මල්ලි බබාට හරිම ආදරෙයි. දුව ඉන්නෙ අත්තම්මගෙ ගෙදර. මල්ලි බබා ඉන්නේ අම්මත් එක්ක තාත්තගෙ ගෙදර. ඉතින් මල්ලි බබා එනවා එකෝමත් එක අක්කව බලන්න. මල්ලි බබා එනකන් එකෝමත් එක දුව හරිම ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා. කවුරුහරි කෙනෙක් මල්ලි බබාගෙන් ඇහුවාම කොහෙද යන්නේ කියල මල්ලි බබා "පින්නදූවෙ අක්ක බලන්න යනවා" කියනවා. මල්ලි බබා හරියටම කියන්නේ ඒක වුනාට එයාට කියවෙන්නෙ "පින්දු අක්කා බලන්න යනවා" කියලා. ඕක ඇහුනු එකෝමත් එක දුවගෙ එකෝමත් එක නැන්දෙක් දුවට නම දානවා "පින්දු" කියල. එදා ඉඳන් එකෝමත් එක දුවගෙ නම ආයෙමත් වෙනස් වෙනවා. එකෝමත් එක දුවගෙ අම්මයි, තාත්තයි අම්මගෙ නෑදෑයොයි සුදු නෝනා කියනවා. නැන්දයි තාත්තගෙ නෑදෑයොයි සුදු නෝනා කියන ගමන්ම පින්දු කියනවා. හැඩ වැඩ දාල 'පින්දුපුතා', 'පින්දු පැටියා', 'පින්දු කෙල්ල' කියනවා. එකෝමත් එක දුවගෙ මල්ලියි නංඟියි 'අක්කා' කියද්දි අනිත් අක්කල, අයියල, නංඟිල, මල්ලිල හැමෝම 'පින්දු නංඟි', 'පින්දු අක්කා' කියනවා. මේක ඇහුණු අහල පහල ගෙවල් වල අයට එකෝමත් එක දුව 'බිංදු අක්කා', 'බිංදු නංඟි' වෙනවා.

එකෝමත් එක දුවට ඉන්නවා අයියලා. අයියලා කිව්වෙ ලොකුතාත්තලාගෙ පුතාලා. ඒ අයියල ඉතින් එකෝමත් එක දුවට නම් තිබ්බා. ක්‍රිකට් වලට හරිම ආදරේ ක්‍රිකට් අයියා දුවට කිව්වෙ 'ඉන්දු ලංකා' කියල. එහෙම කිව්වේ දුව දැක්කම 'ඉන්දු ලංකා' ක්‍රිකට් තරඟ මතක් වෙන හින්දද නැත්නම් 'ඉන්දු ලංකා' ගිවිසුම මතක් වෙන හින්දද කියල කියන්න දුව කවදාවත් දැනගෙන හිටියෙ නෑ. 

කොළඹ විශ්වවිද්යාලෙ හිටපු කොළඹ අයියා දුවට නම් දෙකක්ම දැම්ම. කොට නමයි දිග නමයි. පින්දු කියල කවදාවත්ම කිව්වෙ නැති වුනාට 'පිනී' කියලයි 'පින්නදූ' කියලයි කිව්වා. පිනී හරියට පිණි බිංදු වගේ නේද කියල එකෝමත් එක දුව කල්පනා කලා.

පින්දු කියල එකෝමත් එක දුවට නම දාපු නැන්දා ඉඳල හිටල එකෝමත් එක දුවට 'පින්ඩෝලෙ' කියනවා. කවුද හැදුවෙ කියල දන්නෙ නැති වුනාට සුදූ කියලා කියන දුවට වඩා සුදු ලොකුතාත්තගෙ දුවත් ඒක කියනව එකෝමත් එක දුවට ඇහිලා තියෙනවා. එහෙම වෙලාවට ඒක එහෙම කියන්නෙ බතල නැතිවුනාට එකෝමත් එක දුව බෝලයක් වගේ හින්දද නැත්නම් ඩොලැක්කියක් මතක් වෙන හින්දද කියල දුව තාමත් කල්පනා කරනවා.


එකෝමත් එක දුවගෙ පුංචම්මාගෙ පුතා ඩෙනිස්. ඩෙනිස් පුංචිම පුංචි බබෙක් කාලෙ හිටියෙ දෙනියායේ. ඉතිං එයා නිකන්ම දෙනියායෙ මල්ලි උනා. ටික ටික කාලෙ ගතවෙද්දි දෙනි මල්ලි වෙලා අන්තිමට ඩෙනිස් උනා. කවුරු කොහොම කොච්චර සුදුයි කිව්වත්; මොන මොන නම් කිව්වත් එකෝමත් එක දුවට සුදු අක්කා කියල තමයි ඩෙනිස් කියන්නෙඑකෝමත් එක දුවට ඉතිං කවදාවත් සුදු අක්කා කියන්න තරම් සුදක් නම් තිබුනේ නෑ. එහෙමයි කියලා ගාණකුත් නෑ.

ඔන්න ඔහොම එකෝමත් එක දුවට නම් ගොඩාක් හැදුනා.....



 

Monday, August 1, 2016

යන එන...



ආවෙ කොහෙන්ද කියල මං දන්නෙ නෑ...
යන්නෙ කොහෙද කියලත් මං දන්නෙ නෑ...
ඒත් කවදම හරි දවසක යන්න වෙන බව මං දන්නවා;
ගිය තරම්ම වේගයෙන් ආපහු එන්න වෙන බවත් මං දන්නවා...
මට ඕනෙ යන එක නවත්තන්න නෙවෙයි...
ආපහු එන එක නවත්තන්නයි...



Monday, July 18, 2016

(අ)මතක

හිතුනාම ලියන්නට දිනපොතක් මටත් තියෙනවා
ඉඳහිටක පිටු අතර නුඹෙ නමත් තියෙනවා
මහ දුරක් නොකියාම නුඹ ගිහින් තියෙනවා
හිතුනාම තාම මට මහ හුඟක් ඇඬෙනවා...

ඇඬුනාම වෙනදටත් මගේ ඇස් කඳුලින් පිරෙනවා
දුටුවාම අඬනවා, නුඹෙ මූණ අඳුරින් පිරෙනවා
කේන්තියකින් පුංචි නුඹෙ වදන් පුපුරා හැලෙනවා
ආදරේ බව දැන දැනත් මං නෝක්කඩු කියනවා...

යද්දි මං කොළොම්තොට නුඹ බලන් ඉන්නවා
හැරී අත වැනුවාම නුඹත් අත වනනවා
මගෙ දිහා බලාගෙන හිතුවෙ නුඹ මොනවාද, අදත් මං හිතනවා
එක වරක් තව, නුඹෙ දෙපා නොවැන්ඳට, අදත් මං තැවෙනවා...

එකින් එක පිය තියා දිවි මගේ මං ඇදෙනවා
නුඹ ලඟින් උන්නනම් කියා විටෙකදි හිතෙනවා
හිතේ බර, මහන්සිය අදත් හිත පෙළනවා
සුමුදුවට හිස පිරිමදින නුඹෙ සුරත අහිමි බව දැනෙනවා...

වල් කපා, මල් වපුළ හිතක් මට තියෙනවා
ඒ හිතේ අදත් සුවඳ මල් පිපෙනවා
පිපෙන හැම මල ගණනෙ නුඹෙ සුවඳ දැනෙනවා
ජීවිතේ වටිනාම මල්දමක්, නුඹෙ නමට පිදෙනවා...

නුඹෙ වදන් නුඹෙ සිනා තවම මට ඇහෙනවා
අපි කරපු හැමදේම මට මතක තියෙනවා
හිත රිදෙන හැම විටක කඳුළු නෙත් අග පිරෙනවා
මේ දකින්නෙ හීනයක්දැයි හිත නිතර අහනවා...