Thursday, April 28, 2016

ආයාචනය...

අහස් ගඟ දෙබෑවී
මහා දියකඳක් ඇදහැළී
අනේ මේ පොළොව තෙත්කර
ආයෙමත් හිනාමල් ඉහිරුවාපන්,
අපේ අප්පච්චිගේ මූනේ.....
ඉරිතැළීගිය පාළු කුඹුරේ
වරුවක් ගතකරන.....


ගිනියම්ව පැළුණු මහ පොළොවෙන්
රන්වන් ගොයමක් පැනනැඟී
අනේ මේ කුසගිනි නිවා
සැනසුම් සුසුමක් හෙළන්නට ඉඩදියන්,
අපේ අම්මාගේ හිතට.....
ගිනි නිවන්නට
අහස පොළොව ගැටගහන.....









Tuesday, April 12, 2016

ජීවිතය...

තටු ඉදුනු කුරුල්ලෝ ඉගිලයති;
ජීවිතය සොයාගෙන කැදැල්ලෙන්...


Saturday, April 2, 2016

ධණ - සෘණ

දම්පාට අහසෙ ගැබ්බර
හිරු එලිය පැල්ලමක් පැහැසර;
සිනිඳු සියුමැලි වළා පෙත්තක
සිත්තමක් ඇන්ඳා මනහර...




දුම් දම දමා උණුහුමට;
කෝපි කෝප්පය; මේසෙ උඩ සීරුවට
කිඹුල්ලුන් දුටුවා දත් විළිස්සුන
අර අදිනවා සෝබර කුණාටුවකට...

Image result for coffee