Thursday, April 28, 2016

ආයාචනය...

අහස් ගඟ දෙබෑවී
මහා දියකඳක් ඇදහැළී
අනේ මේ පොළොව තෙත්කර
ආයෙමත් හිනාමල් ඉහිරුවාපන්,
අපේ අප්පච්චිගේ මූනේ.....
ඉරිතැළීගිය පාළු කුඹුරේ
වරුවක් ගතකරන.....


ගිනියම්ව පැළුණු මහ පොළොවෙන්
රන්වන් ගොයමක් පැනනැඟී
අනේ මේ කුසගිනි නිවා
සැනසුම් සුසුමක් හෙළන්නට ඉඩදියන්,
අපේ අම්මාගේ හිතට.....
ගිනි නිවන්නට
අහස පොළොව ගැටගහන.....









No comments:

Post a Comment